ජනපති ප්‍රධානත්වයෙන් පළමු වරට සමුද්‍රීය පරිසර සභාව රැස්වේ

Share

සමුද්‍රීය පරිසරය සුරැකීමේ නව මානයන් සම්බන්ධව උපදෙස් දීම සදහා සමාජයේ සියලූම ක්ෂේත්‍රවල උගතුන් සහ ක්‍රියාකාරීන් නියෝජනය වන පරිදි සමුද්‍රීය පරිසර සභාවක් පිහිටුවීමට කටයුතු කර තිබේ.
එය පළමුවරට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
2008 අංක 35 දරණ සමුද්‍රීය දූෂණ වැලැක්වීමේ පනතින් ස්ථාපිත වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමුද්‍රීය ආරක්ෂණ ප්‍රතිපත්ති, නීති, රෙගුලාසි සහ ව්‍යාපෘති සැකසීම හා ක්‍රියාත්මක කිරීම සිදු කරමින් සිටී. අධිකාරියට එහි බලතල, කාර්යයන් සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම හා ඉටුකිරීම පිළිබද අදාල කාරණා සම්බන්ධයෙන් උපදෙස් දීම සහ අධිකාරිය විසින් සභාව වෙත යොමු කරනු ලැබූ යම් කාරණා පිළිබද උපදෙස් දීම සමුද්‍රීය පරිසර සභාවේ කර්තව්‍යයයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වර්තමාන කි්‍රයාකාරකම් හා වසර 2030 දක්වා ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මහතා විසින් මෙහිදී පැහැදිළි කළේය.

Read more

Local News