ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සළසා තිබෙන බැවින් බිය වන්න එපා – ආරක්ෂක ලේකම්

Share

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයේ කරුණු පහැදිළි කිරීමට ඊයේ (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පැවසුවේ,

අාරක්ෂක අංශ මහනුවර ප්‍රදේශයේ යොදවා තිබෙනවා. ජනතාව අතර තැතිගැන්මක් ඇති වී තිබෙනවා. විශ්වාසයක් තබාගන්න. බිය වැද්දීම කිරීම නරකයි. ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සළසා තිබෙනවා. බිය වන්න එපා. ආරක්ෂාවට
පොලීසිය හා ආරක්ෂක අංශ සිටිනවා. ඇදිරි නීතිය අවසන් වූ පසු එදිනෙදා කටයුතු කළ හැකියි. ජනතාව බිය නොවී විශ්වාසයෙන් සිටින්න. අනවශ්‍ය දෙයකට හෝ අනුබල දීමකටවත් යන්න එපා. මහජනතාවට අපහසුතාවයක් ඇති නොවන ආකාරයට අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කරගැනීමට හකි වන ලෙස අවශ්‍ය විධිවිධාන ලබාදී තිබෙනවා බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

Read more

Local News