රිය අනතුරකින් වෛද්‍යවරයෙකු මරුට

Share

කිළිනොච්චි පුනරීන් ඒ ප්‍රධාන මාර්ගයේදී ඊයේ (07) සිදු වූ රිය අනතුරකින් මන්නාරම් රජයේ රෝහල් සේවය කළ 41හැවිරිදි වෛද්‍යවරයෙකු මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ යාපනය – කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිව සිටි එස්.අරවින්දන් නැමති වෛද්‍යවරයෙකි.

සිය සේවය නිමවා නිවස බලා යන අතරතුරදී වෛද්‍යවරයා පදවාගෙන ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදු ඇත.

Read more

Local News