තහනම් පොලිතීන් වැටලීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරයි – මධ්‍යම පරිසර අධිකාරිය

Share

තහනම් පොලිතීන් වැටලීම් ක්‍රියාවලිය මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කරගනිමින්, පරිසර පොලිස් ඒකකයන්හි සහයෝගයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසයි.

පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් පොලිතීන් භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම හා පරිභෝජනය තහනම් කරන ලදී.

ලන්ච්ෂීට්, ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් සහ කෑම බහාලන පෙට්ටි (පොලිස්ටයරින්) මෙසේ තහනම් කරන ලද නිෂ්පාදනයන්ය. මෙවැනි ද්‍රව්‍ය පරිභෝජනයෙන් පසු පරිසරයට එකතුවීම නිසා දැඩි පාරිසරික හානි ගණනාවක් ඇතිවීම දිර්ඝ කාලයක සිට හඳුනාගැනීමත්, මේවායේ පවතින සැහැල්ලුභාවය නිසා නිසි කළමනාකරණ ක්‍රමවේදයකට  හසුකරගැනීමට නොහැකිවීමත් හා කෙටි කාලීන ව දිරාපත් නොවිමත් යන කරුණු මත මෙම නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගන්නා ලදී.

2018 ජනවාරි 01 වනදා පටන් තදින්ම මෙම නීතීය ක්‍රියාත්මක කරන අතර මධ්‍යම පරිසර අධිකාරිය සමඟින් පරිසර පොලිසිය ඒකාබද්ධව මේ වන විට වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතී.

මේවන විට පොලිතීන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ කටයුතු කරන ව්‍යාපාරික ප්‍රජාව දිරාපත්වන පොලිතීන් නිෂ්පාදනයට විශාල වශයෙන් පෙළඹි තිබීමත් ඉතා යහපත් ප්‍රවණතාවකි.

ඊට සමගාමීව පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදනයන් ද වෙළඳපොළවල් වලට පැමිණිමත්, පාරිභෝගික ජනතාව ඒවා පරිභෝජනය සඳහා පෙළඹි සිටිමත්, පොලිතීන් තහනම හා සම්බන්ධව සිදු වූ ධනාත්මක බලපෑමකි. මෙයට සමගාමීව මෙතෙක් පොලිතීන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටි ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීමක් වූ, රජයේ බදු සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ද මේ වන විට කටයුතු කරමින් පවතී.

ජෛවහායනයට ලක්වන පොලිතීන් නිෂ්පාදනය සඳහා ඔවුන් මෙතෙක් භාවිතා කරන ලද යන්ත්‍රයන්හි යම් යම් වෙනස් කිරිම් සඳහා අවශ්‍ය සහන ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගනිමින් පවතී.

Read more

Local News