ඉන්දීය කණ්ඩායමට කඩුලු 6ක ජයක්

Share

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස් කළ ප්‍රහාරාත්මක පිතිකරු ශිකර් ධවාන් ඉන්දීය පිලට කඩුලු 6ක ජයක් අත්කර දීමට ඊයේ (08) සමත්විය.

ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු තරගයේදී ලකුණු 90ක් රැස් කළ ධවාන් ඊයේ වේගවත් පිතිහරඹයක නිරතවෙමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 55කි. පන්දු 43ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මාගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල ලකුණු 139ක් රැස් කළේය.

ලකුණු 140ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලෙස නායක රෝහිත් ෂර්මා ලකුණු 17ක් ලබා සිටියදීය.

පන්දු යැවීමේදී ජේදේව් උනද්කාට් කඩුලු 3ක් බිඳ දැමූ අතර ශංකර් කඩුලු 2ක් දවාලීය.

බංග්ලාදේශය – 139/8 (ඕවර 20) ලිටොන් දාස් 34, සබීර් රහ්මාන් 30, මුෂ්ෆිකුර් රහීම් 18 (ජේදේව් උනද්කාට් 38/3, විජේ ශංකර් 32/2)

ඉන්දියාව – 140/4 (ඕවර 18.4) ශිකර් ධවාන් 55, සුරේෂ් රයිනා 28, මනීෂ් පාන්ඩේ නොදැවී 27 ( රුබෙල් හොසේන් 24/2)

Read more

Local News