චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ නැමීබියානු ජනාධිපතිනි Netumbo Nandi-Ndaitwah මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඒ ඊයේ(10) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාව නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-නැමීබියානු ප්‍රජාවක් බිහිකිරීම දක්වා ඉහළ නැංවීමට නායක දෙපළ එහිදී එකඟතාව පළ කළහ.
නැමීබියාව මේ වන විට සිය ‘2030 දැක්ම’ සාර්ථක කර ගැනීම සඳහා එහි ඉලක්ක කරා ගමන් කරමින් සිටී. චීන කොමියුනිස්ට් පක්ෂය ද සමස්ත ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාව එක්සත් කර මෙහෙයවමින් චීනයට ආවේණික නවීකරණය තුළින් ශක්තිමත් රටක් ගොඩනගා ජාතික පුනර්ජීවනයේ ශ්‍රේෂ්ඨ අරමුණ පුළුල් ලෙස ඉදිරියට ගෙන යන බව ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය. රටවල් දෙක අතර මිත්‍රශීලී සහයෝගීතාව ගැඹුරු කිරීම කාලෝචිත වන අතර එමගින් යහපත් අනාගතයක් සඳහා අපේක්ෂා දල්වා ගත හැකි බව ද ඔහු පැවසීය.
Share
Read more



