අමෙරිකාවට ප්‍රබල හිම කුණාටුවක් – ජන ජීවිතය අඩාල වෙයි

Share

ප්‍රබල හිම කුණාටුවක බලපෑම හමුවේ අමෙරිකාවේ ජන ජීවිතය අඩාල වී අැතැයි විදෙස් වාර්තා පවසයි.

මේ හේතුවෙන් නිව්ජර්සි, නිව්යෝර්ක් සහ පිලඩෙල්ෆියා ගුවන්තොටුපොළවල ගුවන් ගමන්වාර 2600 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව ද සදහන් වෙයි.

මේරිලන්ඩ් සිට මේන් දක්වා දිවිගෙවන මිලියන 50 කට අධික ජන පිරිසක් මෙම හිමකුණාටුවෙන් පීඩාවට පත් ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පිලඩෙල්ෆියා ආණ්ඩුකාර ටොම් වුල්ෆ් හිම කුණාටුව හමුවේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

Read more

Local News