මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් සියලුම මාධ්‍ය වගකීමෙන් කටයුතු කළා

Share

සියලු වාද භේද පසෙක තබා ජාතික සමඟිය වෙනුවෙන් වගකීම් සහිත සියලුම මාධ්‍ය කටයුතු කළ බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසඳයේ සභාපති, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතා පැවසීය.

එවැනි වගකීම් සහිත මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සියලුම මාධ්‍ය වෙත සිය ස්තූතිය ප්‍රකාශ කළ ඒ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ජාතික ආර්ථික, සමාජීය වගකීම් වෙනුවෙන් මෙම සංසඳය කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර වසර 30ක යුද්ධයකින් පීඩා විද රටක් නැවත ඒ තත්ත්වයට ගෙන යාම වැළැක්වීමට අප සියලු දෙනා කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

කලාපයේ අනෙකුත් රටවල් වේගවත් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකාව පසුපසට යාම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

Read more

Local News