රසිකාවිය පැවරූ ත්‍යාග සංජේ දත් ප්‍රතික්ෂේප කරයි

Share

සංජේ දත්ගේ රසිකාවියක් වූ මුම්බායි හි ජීවත්වූ 62 හැවිරිදි නිශි හරිස්චන්ද්‍ර ජනවාරියේ මිය ගියාය.

ඇය තමන්ගේ මුදල් හා බැංකු සේප්පුවේ ඇති ආභරණ ආදියෙහි අයිතිය සංජේ දත්ට පවරන බව සටහන් කර ඇති බව බැංකුව පසුගිය මාසයේ ඔහුට දන්වා ඇත.

බොලිවුඩ් නළු සංජේ දත්ට පවරා ඇති ඔහුගේ රසිකාවියකගේ බැංකු තැන්පතු සහ වස්තුව ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත.

තම රසිකාවිය‍‍ගේ මේ ක්‍රියාවෙන් තමා දැඩි ලෙස ශෝකයට පත් වූ බව සංජේ දත් කියා සිටියි.

මේ බව බැංකුවෙන් දැන් වූ විට තමා පුදුමයට පත් වූ බව ද එම තැනැත්තිය පෞද්ගලිකව නොහඳුනන කිසි දිනෙක හමු නොවූ තැනැත්තියක බව ද ඔහු පවසයි.

ඒ සියල්ල ආපසු ත්‍රිපති පවුලට පැවරීමට අවශ්‍ය නීතිමය කටයුතු බැංකුව හා එක්ව සිදු කිරීමට තම නීතිඥයාට උපදෙස් දුන් බව සංජේ දත් සඳහන් කරයි.

Read more

Local News