දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (10) දින සිට (විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ) බලාපොරොත්තු විය හැකි බවයි.

දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතිනු ඇත.

දිවයිනේ උතුරු අර්ධයේ විටින්විට හමන (පැ.කි.මී 40-45දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තුවේ.

නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල (මි.මි 100 පමණ) තද වැසි බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read more

Local News