රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු තීරණ වහාම ගන්නවා – රංජිත් මද්දුම බණ්ඩාර මහතා

Share

නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් පැවසුවේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සදහා අවශ්‍ය සියලු තීරණ වහා ගන්නා බවත්,තීරණාත්මක අවස්ථාවකදී ජනාධිපතිතුමා සහ අගමැතිවරයා විසින් තමා විශ්වාස කර මෙම වගකීම පැවැරීම අගය කරන බවය.

මහජන නියෝජිතයෙක් වශයෙන් විශාල අත්දැකීම් රැසක් ඇති තමාට මෙම අභියෝගය ජයගැනීමේ හැකියාව ඇති බවත්, පුරවැසියන්ට නිදහසේ ජීවත්වීම සදහා සහ නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමට සහ සාමය ස්ථාපිත කිරීමට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා පොලීසියට ද විශාල කැපකිරීමක් කිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විශාල නිලධාරීන් සංඛ්‍යාවකින් යුක්ත ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් මුහුණ දෙන ගැටළුවලට නිසි විසඳුම් ලබා දෙමින්, නීතිය හා සාමය සුරැකීමෙහිලා සමස්ත පුරවැසියන්ගේ ඇගයීමට ලක්වන විනයගරුක හා මානව හිතවාදී සේවයක් ලෙස පොලිස් සේවය ඉහළ නැංවීම කෙරෙහි අමාත්‍යාංශය සතුව ඇති වගකීම පිළිබදව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Read more

Local News