සෞඛ්‍ය අැමති ක්ෂය රෝගය තුරන් කිරිමේ නායකත්ව සමුළුවට

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල ක්ෂය රෝගය තුරන් කිරිම සදහා වන ඉහළ පෙළේ නායකත්ව සමුළුවක් ලබන 13 සහ 14 යන දෙදින ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගි වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 දා සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී ක්ෂය රෝගය තුරන් කිරිම සදහා ජාතික හා කළාපීය වශයෙන් ප්‍රතිඵලදායි විසදුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි සමුළු නියෝජිතයින් අවධානය යොමු කිරීමට නියමිතය.

Read more

Local News