හෙට පැය 09ක කාලයක් කැලණිය ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවයි

Share

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී අැත්තේ හෙට (13) දිනයේ පැය 09ක කාලයක් කැලණිය ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා කාලය තුළ මෙම ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වත්තල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේයේ කොටසක් (ගෝණවල පාර, මඟුරුවිල පාර, විජයරාම පාර, බොරලෑගල) යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව බලපානු ලැබේ.

Read more

Local News