වත්මන් යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර හමුවක් 2025 ජූලි මස 04 වන දින පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් යුධ හමුදාපතිතුමන් පිළිගනු ලැබූ අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.
තවද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ යුධ හමුදාපතිතුමන් අතර සුහද කතා බහක නිරත වූ අතර, අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් කරමින් සමරු ඵලක හුමවාරුවක්ද සිදු කරන ලදි. මේ අවස්ථාව සනිටුහන් කරමින් යුධ හමුදාපතිතුමන් විසින් සමරු සටහනක් තැබීමටද අමතක නොකලේය.
මේ අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ ජේෂ්ඨ නිළධාරින් පිරිසක්ද සහභාගී විය.



