ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ තවත් එක් පාලමකට මුල්ගල තබයි

Share

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ තවත් එක් පාලමක් දැරණියගල නින්දගම මාලිබොඩ ප්‍රදේශයේ මාගල් ගඟ හරහා ඉදිකිරීම සදහා මුල්ගල තැබීම සිදු කෙරිණි.

ඒ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සහ අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම පාලම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 75ක් පමණ වන අතර දිගින් මීටර් 46ක් පළල මීටර් 5.5කි.

මෙමගින් ග්‍රාම නිලධාරී වසම් 5ක මාලිබොඩ, උඩ මාලිබොඩ, දික්ඇල්ල කන්ද, බඹරගල, ඔරුපීල්ල ප්‍රදේශවල එනම් පවුල් 2000 කට පමණ පහසුකම් සැලසෙයි.

Read more

Local News