ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ, මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා අභාවප්‍රාප්ත වෙයි

Share

ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ, මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 76කි.

එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් හි පිහිටි ඔහුගේ නිවසේ දී ඔහු මිය ගිය බවයි ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

“අප අතිශය කණගාටුවට පත්වෙනවා අපගේ අාදරණීය පියාණන්ගේ අභාවය සම්බන්ධයෙන්. ඔහු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්, ඒ වගේම අසාමාන්‍ය මනුෂ්‍යයෙක්. තවත් වසර ගණනාවකට ඔහු සිදු කළ දෑ සහ ඔහුගේ උරුමය මේ ලෝකයේ ජිවත්ව තියේවී.” හෝකින් මහතාගේ දරුවන් වන ලුසී, රොබට් සහ ටිම් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා අැත.

විශ්වයේ අැති කළු කුහර සහ සාපේක්ෂක වාදය පිළිබඳව විවිධාකාරයේ පර්යේෂණ මොහු විසින් සිදු කළේය.

A Brief History of Time අැතුළු ජනප්‍රිය විද්‍යාත්මක පොත් රැසක් ඔහු රචනා කර අැත.

ඔස්කා සම්මාන ලැබු The Theory of Everything (2014) චිත්‍රපටයේ වස්තු විෂය වී අැත්තේ ද මොහු පිළිබඳව ය.

 

 

Read more

Local News