ශිෂ්‍ය ණය ආධාර ක්‍රමය සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ අවසන් දිනය මාර්තු 20 දින දක්වා කල්යයි

Share

උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.සී.දිසානායක මහතා පැවසුවේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමය සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ අවසන් දිනය මාර්තු මස 20 දින දක්වා කල්තබා තිබෙන බවයි.

2016 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට එම විභාගයෙන් සමාර්ථය ලැබූ එනමුත් රජයේ විශ්වවිද්‍යාලවලට පිවිසීමට වරම් නොලබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපාධි අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාව රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතනවල අධ්‍යාපන කටයුතු සඳහා රජය මඟින් රුපියල් ලක්ෂ අටක ණය මුදලක පිරිනැමීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳව අඳහස් දැක්වූ ලේකම්වරයා මෙසේ ද පැවසීය.

”මේ සඳහා ඉල්ලුම්පත්‍ර මේ අවස්ථාව වනවිට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැඳවා තිබෙනවා. වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවකට අවස්ථාව සළසා දීම පිණිස මෙම ඉල්ලුම්පත් කැඳවීමේ දිනය තවත් සතියකින් එනම් මාර්තු මස 20 වන දින දක්වා කල්දැමීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා දන්වා තිබෙනවා.”

”මෙම ශිෂ්‍ය ණය ආධාර ක්‍රමය සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ අවසන් දිනය මාර්තු මස 20 දින දක්වා කල්තබා තිබෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ  www.mohe.gov.lk වෙබ් අඩවියේ ”ශිෂ්‍ය ණය” නැමැති වෙබ් පිටුවට පිවිස සිසුන්ට තොරතුරු ලබාගැනීමට හැකියාව තිබෙනවා”යැයි ප්‍රකාශ කළේ ය.

Read more

Local News