විෂය පරිබාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය ලබාදීම අතිශය වැදගත් – අධ්‍යාපනය අැමති

Share

කොළඹ ඉසිපතන විද්‍යාලයේ නව පිහිනුම් තටාක සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ඊයේ (14) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ සමබර මනසකින් සහ සමබර පෞරුෂයකින් යුතු අනාගත පරපුරක් බිහිකිරීම උදෙසා විෂය පරිබාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය ලබාදීම අතිශය වැදගත් වන බවයි.

අධ්‍යාපනය යනුවෙන් අදහස් කෙරෙන්නේ ඉගැනුම් ඉගැන්වීම් ක්‍රමවේදයම පමණක් නොවන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කොට, සෑම පාසල් සිසුවෙකුම, සිය පාසල තුළ කිනම් හෝ ක්‍රිඩාවක නිරත වීම අනිවාර්යය කළේ ද එම පසුබිම තුළ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන හරහා රටේ සියලු සිසු දරුවන් විවිධ විෂය පඨයන් තෝරාගනිමින් ඉදිිරියේ දී උසස් පෙළ විෂය ධාරාව හදාරනු ඇත. එම විෂය මාලාවට ක්‍රීඩා විෂය ද ඇතුළත් වන බව අධ්‍යාපන අමාත්‍යවරයා, එලෙස ශක්තිමත් වූ අධ්‍යාපනයක් හරහා බිහිවන සමබර පෞරුෂයකින් යුත් අනාගත පරපුරක දැනුම සහ ශ්‍රමය, දේශය ගොඩනැගීමේ කාර්යය සඳහා උපරිම ලෙස භාවිතා කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය.

Read more

Local News