පොලිස් සංස්කෘතික අංශයේ නව පුහුණු ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබේ

Share

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) මලලසේකර මාවත කොළඹ 07 පිහිටි පොලිස් සංස්කෘතික අංශ භූමි පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජිත නව පුහුණු ගොඩනැගිල්ල සදහා මුල් ගල් තැබීම සිදු කෙරිණි.

මෙම නව පුහුණු ගොඩනැගිල්ල මහල් දෙකකින් යුක්ත වන අතර ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 19.04 ක් වේ.

මාස 05 ක් වැනි කෙටි කාලයකින් මෙහි වැඩ අවසන් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ.

Read more

Local News