ටෙලිනාට්‍ය කලාවේ දේශීය ලකුණ, “සියත ටෙලි දෙපැය” ලබන 19 වන දා සිට

Share

ශ්‍රී ලාංකීකත්වය නිරන්තරයෙන් අගය කරමින් වගකිවයුතු මාධ්‍ය මෙහෙවරක නිරතවන සියත ටිවී තවත් දැවැන්ත පියවරක් තැබීමට සුදානම් වනවා.

සියත ටිවී වැඩසටහන් සහ ප්‍රවෘත්ති විකාශනයන්හි සුවිශේෂි වෙනසක් අැති කිරීමට අප සුදානම්.

ඒ අනුව “ටෙලි දෙපැය” ලෙස නම් කරමින් රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා දේශීය ටෙලි නාට්‍ය 4ක් ඔබට 19 වනදා සිට ගේන ඒමට අප සුදානම්.

ඒ අනුව රාත්‍රී 7.30 ප්‍රවෘත්තී විකාශය රාත්‍රී 9.30 ට ඔබ වෙත ගෙන ඒමටයි කටයුතු කරන්නේ.

ලබන 19 වන දා සිට රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා අපේම දේශීය ටෙලිනාට්‍ය 4ක් “සියත ටෙලි දෙපැයෙන්” ඔබ වෙත ගෙන ඒමට නියමිතයි.

මෙම අලුත්ම අත්දැකීම විඳගැනීමට “සියත ටෙලි දෙපැය” සමගින් එක්වන ලෙසත්, හරිදේ හරියටම දැනගන්න රාත්‍රී 9.30 ට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් එක්වන්නට ඔබ සැමට ගෞරවයෙන් අාරාධනා කර සිටිනවා.

Read more

Local News