මධ්‍යම පළාතේ පැවති ගුරු පුරප්පාඩු පුරවමින් නවක උපාධිධාරී ගුරු පත්වීම් 439 ක්

Share

මධ්‍යම පළාතේ පැවති ගුරු පුරප්පාඩු පුරවමින් තවත් උපාධිධාරී ගුරු පත්වීම් 439 ක් ප්‍රදානය කිරීම ඊයේ (16) මහනුවර පල්ලේකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේදී සිදු විය. ඒ අනුව පත්වීම් ලද මෙම උපාධිධාරී ගුරුවරුන් එළඹෙන 19 වැනිදා දිනයේ සිට ඔවුන් වෙත හිමි වූ පාසල් වෙත වාර්තා කළ යුතුව ඇත.

මධ්‍යම පළාතේ උපාධිධාරීන් වෙනුවෙන් තරඟ විභාගයක් පවත්වා එම විභාගයෙන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණයකින්ද පසුව මෙම පත්වීම් ප්‍රදානය සිදු කොට තිබේ. තරඟ විභාගය සදහා අපේක්ෂකයන් 6880 ක් පෙනී සිට ඇති අතර ඉන් 1950 ක් සමත් ව ඇත. එම පිරිස නැවත සම්මුඛ පරීක්ෂණයකට ලක් කොට එයින් පසු මෙම 439 දෙනා තෝරා ගෙන තිබේ. තෝරාගත් ගුරුවරුන් ගුරු පුරප්පාඩු පවතින පාසල් 191 ක් වෙත සේවයේ යෙදවීමට කටයුතු යොදා තිබේ.

පත්වීම් ලබන මෙම ගුරුභවතුන්ට තමන් ඉල්ලා සිටි පාසල් පහ අතරින් එකක් ලබා දී ඇති අතර, ඔවුන්ට වසර දහයක් යනතුරු ස්ථාන මාරු ඉල්ලීම් කළ නොහැකිය. ඉදිරියේදී මෙම ගුරුවරු සියළු දෙනා වෙනුවෙන් වෘත්තීය පුහුණුවක් ලබා දීමටද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් කටයුතු යොදා තිබේ.

Read more

Local News