ජනපති ප්‍රධානත්වයෙන් පළාත් පාලන නියෝජිතයින් අතර හමුවක්

17

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (18) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවත්විණි.

ජනාධිපතිතුමා ඇතුඑ පක්ෂ නායකයින් ඉදිරියේ පළාත් පාලන නියෝජිතයින් විසින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා අවංකව සහ කැපවීමෙන් කටයුතු කරන බවට වන පක්ෂයේ ප්‍රතිඥාව ද මෙහිදී ලබා දුන්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ෆයිිසර් මුස්තාෆා, දුමින්ද දිසානායක යන අමාත්‍යවරු ද මෙහිදී අදහස් දැක්වූහ.