ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියෙන්, නායක ගුවන් කාන්තා මදුශානි නිලධාරිනියට නව නිවසක් ප්‍රදානය කෙරේ

Share

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද දෙවන නිවස, නායක ගුවන් කාන්තා මදුශානි නිලධාරිනියට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 15 දින කළුතර ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

නායක ගුවන් කාන්තා මදුශානි නිලධාරිනියගේ පියාත් සහෝදරයාත් පූර්ණ ආබාධිත තත්වයෙන් පසුවීම නිසා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම නිවස ඇයට ප‍්‍රධානය කිරීමට තීරණය කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නිමාවට පත් කරන ලදී.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්.ආර්.කේ සමරසිංහ මහතා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘාප් කැප්ටන් මොහාන් බාලසූරිය මහතා ඇතුළු නිළධාරීන් ද සෙසු නිළයන් ද සහ සේවා වනිතා ඒකකයේ නියෝජතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read more

Local News