ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව පිළිබඳ විධිමත් සංගණනයක් – මහින්ද අමරවීර මහතා

Share

ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව පිළිබඳ විධිමත් සංගණනයක් මෙම වසර තුළ සිදු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ මුල් වරට ධීවර ප්‍රජාව පිළිබඳ සංගණනයක් සිදු කර තිබෙන්නේ 1976 වර්ෂයේයි. ඉන් අනතුරුව ගත වූ වසර 42ක කාලය තුළ එවැනි සංගණනයක් පවත්වා නැත.

එමනිසා දැනට ධීවර කටයුතුවල නිරතවන ධීවර කාර්මිකයින් පිළිබඳ නිවැරදි දත්ත හඳුනාගැනීම සඳහා මෙවැනි සංගණනයක් සිදු කළ යුතු බව අමාත්‍යවරයා කීය.

ඒ අනුව වර්තමානයේ ධීවර අංශයේ නියුතු පුද්ගලයින් සංඛ්‍යාව හා ඔවුන්ගේ පවුල්වල තොරතුරු, කරදිය හා මිරිදිය අංශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රමාණයන්, ඔවුන්ගේ ආදායම් තත්ත්වයන්, ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් හි සිදුව ඇති වෙනස්කම්, මෙන්ම ඉදිරි ධීවර සංවර්ධන කටයුතු වල දී ප්‍රමුඛත්වය ලබා දිය යුතු අංශ හඳුනාගැනීම මෙම සංගණනයේ අරමුණු අතර වේ.

Read more

Local News