ලෝක ක්ෂය රෝගය දිනය වෙනුවෙන් වෛද්‍යවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන 23දා

Share

ස්වශන රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය කුලතුංග මහතා පැවසුවේ මාර්තු 24දාට යෙදෙන ලෝක ක්ෂය රෝගය දිනය වෙනුවෙන් පැවැත්වෙන වෛද්‍යවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන 23දා කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
“ක්ෂය රෝගය නිමාවන ලෝකයක් සඳහා” යන්න මෙවර තේමාව වී ඇත.
වෛද්‍ය කුලතුංග මහතා පැවසුවේ, වසර 5000ක පමණ ඉතිහාසයක් ඇති මෙම රෝගය ඕනෑම පුද්ගලයෙකුට වැළඳීමේ අවස්ථාව ඇති අතර ම සම්පූර්ණයෙන් ම සුවකළ හැකි රෝගයක් ද වන බවත් පාලනය කරගත නොහැකි තත්ත්වයේ ඇති රෝගයක් බවයි.

Read more

Local News