අධිකරණ විෂයට ගැනෙන නියෝග, රීති හා පනත් කෙටුම්පත් අද පාර්ලිමේන්තුවේ දී විවාදයට – අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල

Share

භාර (සංශෝධන) පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග, නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

මුදල් විශුද්ධිකරණය එරෙහිව වගේම ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පිළිගත් රැකවරණ පිළිවෙත් කීපයක් සම්මත කරගෙන තිබේ. මෙය රට තුළ තවදුරටත් ශක්තිමත් කරලා, ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳව භාර (සංශෝධන) පනත් කෙටුම්පත හරහා සිදු වෙනවා.

නීති විද්‍යාලය විදුහල්පතිවරයකු යටතේ පාලනය වන්නේ. දිනෙන් දින ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යනවා. පරිපාලන ගැටළුවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වගෙන යමට නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීමට තීරණය කළා. නීති අධ්‍යාපන සභාව විසින් යෝජනා කර තිබෙන සංශෝධනය සඳහා අනුමැතිය බලපොරොත්තු වෙනවා.

කාලීන අවශ්‍යතාවයක් සහිත අනපනත් සංශෝධනයට ඉදිරිපත් කර තිබෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව සඳහා කාර්යක්ෂමතාවය ඉදිරියට ගෙන යාමට අලුතින් රජයේ නීතිඥවරු 100ක් මේ වසරේ බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News