නුවරඑළිය නගර සීමාවේ පානීය ජලය පිරිසිදු කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දෙනවා

Share

නුවරඑළිය නාගරික කොමසාරිස් කේ.එම්.එච්.ඩබ්ලියු. බණ්ඩාර මහතා පැවසුවේ නුවරඑළිය නගර සීමාවේ පානීය ජලය පිරිසිදු කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට නුවරඑළිය මහ නඟර සභාව නිරතුරුවම කටයුතු කරන බවයි.
නාගරික කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ, නගර සභා බල ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශ කිහිපයකින් ලබා ගත් ජල සාම්පල වල අසූචි මිශ්‍ර බවට හෙළිවීම හේතුවෙනි.
මේ අනුව ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් විධිමත් කළ බව නාගරික කොමසාරිවරයා පැවසීය.
නුවරඑළිය නගරයට ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවල කිසිදු ගැටළුවක් නොමැති බවත්, ඇතැම් ප්‍රදේශ හරහා භූමියේ එලා ඇති භූගත ජල නල දශක කිහිපයක් පැරණි වීම මත ඒවාට හානී සිදු වී අපජලය බටතුළට එක් වන බවට සැක කරන බවත් නාගරික කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේ  ය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අවධානය යොමු කරමින් සියළුම තත්ත්වයන්ට ගැළපෙන පරිදි ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් රසායනිකය යොදන බවත්, මෙම ජල නල නැවත සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට අරම්භ කර ඇති බව ද පැවසීය.

Read more

Local News