එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අප ජිනීවා නගරයේදී එළි දක්වනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

Share

2017 මාර්තු 23 දිනැති අංක 34/1 හා දරණ යෝජනා සම්මතයෙන් මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටි පරිදි 2015 ඔක්තෝම්බර් 15 දිනැති අංක 30/1 දරණ යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් යාවත්කාලීන ලිඛිත වාර්තාවක් ඊයේ (21) දින කවුන්සිලයට ඉදිරිපත් කරන ලදී.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සලයේ 37 වන සැසිවාරය සඳහා සහභාගී වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මෙලෙස අඳහස් දක්වා තිබේ.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 37 වන සැසිවාරයේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අප ජිනීවා නගරයේදී එළි දක්වනවා. මෙය මානව හිමිකම් කොමසාරිස්තුමාගේ වාර්තාවට උත්තර බැඳීමක් ලෙස සළකනවා.

විශේෂයෙන් 2015 සිට ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රගතිශීලී ගමනක් ගිහින් තියෙනවා. ශ්‍රී ලංකාවේ සහජීවනය ඇති කිරීමටත්, නීතියේ ආදිපත්‍ය තහවුරු කිරීමටත් සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ගත් ප්‍රගතිය ලෝක ප්‍රජාව පිළිගෙන තියෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා, 37 වන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට කිසිම ප්‍රශ්නයක් සිදු නොවන බව.

කලින් වාර වලදී සැමවිටම මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව දෝෂාරෝපණයන්ට ලක් වුනා. ඒ වගේම, ලඟදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්තුමාගේ ප්‍රශ්න කරල තියෙනව. එහිදීත් අප නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් අඩුපාඩු සිදුවූ අවස්ථා වලදී ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි යන මතය ශ්‍රී ලංකා රජයට ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දුවක් දීම තුළින් කිසිම ජාතියකට, ආගමකට, කුළයකට හිරිහැර කිරීමට රජයේ අනුග්‍රහය නොලබන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමේ විශ්වාසය පවතිනව බවත් ප්‍රකාශ කරනවා.

පසුගිය දා සිදුවූ අවාසනාවන්ත සිදුවීම මේ සැසිවාරය වන කාලය සම්බන්ධ කරගෙන සිදුවූවක් කියා මා විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් අපට පැහැදිලි කිරීමක් තුළින් අප ගත් ක්‍රියාමාර්ගය ලෝකයට හෙලිදරවු කිරීමෙන් ප්‍රගතිශීලී ගමනක් යන්න පුළුවන් යැයි අපි විශ්වාස කරනවා.”

Read more

Local News