සෞඛ්‍ය අැමති ප්‍රධානත්වයෙන් අක්ෂි තාක්ෂණවේදීන් සඳහා ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කෙරේ

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අක්ෂි තාක්ෂණවේදීන්ගේ පුහුණූ පාසලේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මෙම ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

ඇමරිකා එක්සත් ජනපදයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් 1983 මැයි මාසයේ දී ළමයින් 09 කගේ සහභාගීත්වයෙන් අක්ෂි තාක්ෂණවේදීන්ගේ පුහුණූ පාසල ආරම්භ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ද මෙහි දියුණුව වෙනුවෙන් දායකත්වය දැක්වූවා. මේ වනවිට අක්ෂි තාක්ෂණවේදීන් 267 දෙනෙකු සෞඛ්‍ය සේවාවට එක්කර තිබෙනවා. අක්ෂි තාක්ෂණවේදීයා රෝගියා සහ වෛද්‍යවරයා අතර සම්බන්ධීකරණයක් ඇති කරනවා. මෙම සේවාව අගය කළ යුතුයි. ජනතාවට පෙනීම ලබාදීම ඉතාම වැදගත්. උදෑසන සිට රාත්‍රිය දක්වා අප දෙනෙත් විඩියෝ කැමරාවක් මෙන් භාවිත කරමින් තොරතුරු ලබාගෙන මොළයේ තැන්පත් කරනවා. බෞද්ධ දර්ශනයට අනුව සහ විවිධ ආගමික ඉගැන්වීම් අනුව පෙනීම ලබාදීම උතුම් ක්‍රියාවක්. පන්සිය පනස් ජාතක කථා මාලාවේ සිවි ජාතකයෙන් එය මනාව ඔප්පු වෙනවා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සදහා අක්ෂි තාක්ෂණවේදීන් 400 ක් 500 ක් අතර සංඛ්‍යාවක් අවශ්‍යයයි. තවත් 250 ක් වත් සේවා අවශ්‍යතාවය මත පුහුණු කළ යුතුයි. යුරෝපා රටවල අක්ෂි තාක්ෂණවේදීන්ට විශාල වැටුපක් ද හිමිවෙනවා.

මෙහිදී දක්ෂතම සිසු සිසුවියන් සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සම්මාන ලබාගන්නා ලදි.

Read more

Local News