ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන්කරයි

Share

ශ්‍රී ලංකාවේ සැමටම පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණෙන් ක්‍රියාකරන නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, නියඟයෙන් පීඩාවිඳින, පානීය ජලයට මුහුදු වතුර මුසුවන සහ නලමාර්ගයෙන් ජලය ලබා ගැනීමට අපහසුවන ප්‍රදේශවලට ජල බවුසර් ලබාදීමට කටයුතු කරයි.

මෙම ජල බවුසර් අදාල ප්‍රදේශවල ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහයෝගිතා සේවා මධ්‍යස්ථානයන් වෙත ලබාදුන් අතර අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ලංකාවේ විවිධ ප්‍රදේශවලට පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන්කර ඇත.

දැනටමත් කුරුණෑගල, පුත්තලම, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, හම්බන්තොට, පොලොන්නරුව, ගාල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා පානීය ජල බවුසර් ලබාදී ඇත.

මෙවර ලෝක ජල දිනයට සමගාමීව මාතර, මොණරාගල දිස්ත්‍රික්කවලට සහ නැගෙනහිර පළාතට ජල බවුසර් බෙදාදීමේ අවස්ථාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Read more

Local News