බදුල්ල තැපැල් දුම්රිය දෙමෝදරදී පීලී පනී – උඩරට දුම්රිය ධාවනයට බාධා

Share

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි ආරුක්කු පාලම අසලදී අද (22) උදේ 6.45 ට පමණ පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (22) උදෑසන ගමන් ඇරැඹු උඩරට මැණිකේ දුම්රිය එම ස්ථානයෙන් ආපසු බදුල්ල දක්වා ගමන්කරවීමට සැලැස්වූ බවත්, පිළි පැනීමට ලක්වු දුම්රියේ මගීන්ද එම දුම්රියෙන් බදුල්ලට ප්‍රවාහනය කිරිමට කටයුතු යොදා තිබිණි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, දුම්රිය ගමනාගමනය කඩිනමින් යථා තත්ත්වයට ලක් කිරීමට කයුතු කරන බවයි.

Read more

Local News