ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් වරද පිළිගනී

Share

මිලියන 50 පරිශීලකයන්ගේ දත්ත හැසිරවීමේදී කරන ලද අතපසුවීම් හා වැරුදි සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සම නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඊයේ (21) සමාව ඉල්ලීය.

දේශපාලන උපදේශන සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනයට එරෙහි චෝදනාව වන්නේ ෆේස්බුක් ගිණුම්හිමියන් මිලියන 50ක ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කිරීමය.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් අත්වැරදීමක් සිදුවු බව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මුල්වරට පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට ජනතාව පෙළඹවීමට එම දත්ත යොදාගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

අමෙරිකානු ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට අදාළ පර්යේෂණ, දත්ත එක් රැස්කිරීම, විශ්ලේෂණය සහ ප්‍රජාව ඉලක්ක කිරීම ඇතුළු සමස්ත ඩිජිටල් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ තම ආයතනය බව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සැන්ඩර් නික්ස් හෙළි කළේ ය.

මෙම හෙළිදරව්ව සමඟ ලොව පුරා ෆේස්බුක් ගිණුම් හිමියෝ සිය තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න කරමින් සිටිති.

බ්‍රිතාන්‍යය සඳහන් කළේ, ෆේස්බුක් ආයතනයේ එම නිදහසට කරුණු දැක්වීම විනාශකාරී පරාජයක් ලෙසයි.

Read more

Local News