මහනුවරට ආරක්ෂාවට යෙදවු යුද්ධ හමුදා භට පිරිස් ප්‍රමාණය අඩු කරයි

Share

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහාකාරි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද්ධ හමුදා භට පිරිස් ස්ථානගත කර තිබුණු අතර හදිසි නීතිය යටතේ පනවා තිබු රෙගුලාසි ඉවත් කිරීමත් සමඟ යුද්ධ හමුදා භට පිරිස් ප්‍රමාණය අඩු කලද තවදුරටත් මුර සංචාරයන් සහ මාර්ගබාධක පවත්වාගෙන යාම සඳහා පොලිසියට සහයෝගය ලබාදෙන බව යුධ හමුදාව පවසයි.

ගැටුම්කාරි තත්ත්වය හමුවේ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ අනෙකුත් ආරක්ෂක සේනා මූලස්ථානයන් වෙතින් ගෙන්වූ භට පිරිස්, මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ කඳවුරු වෙත මුදාහැරීමට කටයුතු කර ඇති අතර මේ වනවිට 11 වන සේනාංකය යටතේ ස්ථාපිත බළඇණියන්හි භට පිරිස් පමණක් රාජකාරියේ යොදවා ඇති බව යුධ හමුදාව පවසයි.

මේ වනවිට යුද්ධ, නාවික හා ගුවන් හමුදාවේ සාමාජිකයන් 250 කට අධික පිරිසක් පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලී සිටියි.

Read more

Local News