යතුරුපැදියක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු මරුට

Share

මොරවක දෑරංගල මාර්ගයේ මහහේන පන්සල අසලදී යතුරු පැදියක් හා ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇත.

ට්‍රක් රථය මොරවක දෙසට ධාවනය කර ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් යතුරුපැදිකරු පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසා අැත්තේ.

ට්‍රක් රථයේ රියදුරු මොරවක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිස් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News