පළාත් කිහිපයකට සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සමහර ස්ථාන වලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක් තද වැසි (මි.මි 75 පමණ) ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News