මෙරට ගම්මිරිස් අපනයනයට ඉන්දියාවෙන් මිලක් නියම කරයි

Share

ඉන්දියාව විසින් පනවා ඇති අවම මිල සීමාවක් හේතුවෙන් මෙරට ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීම දුෂ්කර වී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය රජය ගම්මිරිස් කිලෝග්‍රෑමයක් සඳහා ඉන්දීය රුපියල් 500ක අවම මිලක් නියම කර ඇති අතර, ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 7700ක් පමණ වන බව සඳහන් වෙයි.

වාර්ෂිකව ශ්‍රී ලංකාව ගම්මිරිස් මෙටි‍්‍රක් ටොන් 12,000ක් පමණ අපනයනය කරන අතර ඉන් සියයට 75ත්, 80ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඉන්දියාවටයි.

මෙරට ගම්මිරිස් ටොන් එකක් දැනට ඉන්දියාවට අපනයනය කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් 4600ක මිලකටයි.

Read more

Local News