ජනපති සහභාගිත්වයෙන් ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි ස්වාමින් වහන්සේ වෙත අක්ත පත්‍ර පිළිගන්වයි

Share

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධූරයෙන් පිදුම් ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි ස්වාමින් වහන්සේ වෙත අක්ත පත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය ඊයේ (27) පස්වරුවේ පැවැත්විණි.

ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රුවන් විෙජ්වර්ධන යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News