සබරගමුව සංවර්ධන කාර්යාලය කම්කරු අැමතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කරයි

Share

කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යංශයේ සබරගමුව සංවර්ධන කාර්යාලය කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

රත්නපුර නගරයේ ස්ථාපිත කර ඇති මෙම කාර්යාලය මගින් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සිදු කෙරේ. මහජනතාවගේ පොදු පහසුකම් සංවර්ධනය, වතුනිවාස වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම, ගම්බද මාර්ග සංවර්ධනය සබරගමු සංවර්ධන කාර්යාලයේ ප්‍රධාන කාර්යයන්ය.

2018 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 500කි.

Read more

Local News