පොළොන්නරුව ගොවි ජනතාවට ඉඩම් ඔප්පු 1053 ක්

Share

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත නීත්‍යානුකුළ ඉඩම් ඔප්පු 1053 ක් ප්‍රදානය කිරීම අද (29) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී සිදුකෙරුණි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

තමන්කඩුව, ලංකාපුර, පොළොන්නරුව, ඇළහැර සහ මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි ජනතාව වෙත මෙලෙස ඉඩම් ඔප්පු ප්‍රදානය සිදුකර අැත.

මීට අමතරව, විහාරස්ථාන 3 කට පූජාභූමි ඔප්පු ප්‍රදානය කිරීමත්, ආගමික සංහිදියාව පුළුල් කරමින් ඉස්ලාමීය දේවස්ථානයට භූමිය වෙන් කරදීමත් අද (29) සිදුකර තිබේ.

Read more

Local News