චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ(8) රාත්‍රියේ බ්‍රිතාන්‍ය අගමැති Andy Burnham සමග දුරකථන සංවාදයක නිරත විය.
Andy Burnham මහතා බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ෂී ජින්පිං එහිදී සුබ පැතුම් පිරිනැමීය. චීනය සහ බ්‍රිතාන්‍යය විස්තීර්ණ උපායමාර්ගික හවුල්කරුවන් බව සඳහන් කළ ඔහු, සමාජ ක්‍රම සහ ජාතික තත්ත්වයන්හි වෙනස්කම් පැවතියද එම වෙනස්කම්වලට වඩා දෙරට පොදු ප්රතිලාභ වඩාත් ප්රමුඛ බව පෙන්වා දී තිබේ. දෙපාර්ශ්වය එකිනෙකාට ගරු කරමින්, විශ්වාසය තබමින්, වෙනස්කම්වලින් ඔබ්බට ගොස් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයේ පරාසය අඛණ්ඩව පුළුල් කළ යුතු බව ෂී ජින්පිං කියා සිටියේය. ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා චීනයේ හා බ්‍රිතාන්‍යයේ රජයන් දෙකම කැපවී සිටින අතර, එහිදී එකිනෙකාට සහාය වීම වැදගත්ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයින් සහ ප්‍රධාන ගෝලීය ආර්ථිකයන් ලෙස, චීනය සහ බ්‍රිතාන්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානය, G20 සහ ලෝක වෙළඳ සංවිධානය වැනි රාමු තුළ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතුය. එමගින් සමාන හා විධිමත් බහු-ධ්‍රැවීය ලෝකයක් මෙන්ම, සැමට ප්රතිලාභ ගෙන දෙන ආර්ථික ගෝලීයකරණයක් ප්‍රවර්ධනය කළ හැකි යැයි ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
චීනය සම්බන්ධයෙන් තම ප්‍රතිපත්තියේ අඛණ්ඩතාව පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යය කැමැත්තෙන් පසුවන බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා එම අවස්ථාවේදී කියාසිටියේය. චීනය සමග ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගැනීම, විවිධ ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කිරීම, ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම මගින්, ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ ඉහළම මට්ටම වෙත නැවත ගෙන ඒමට ද අපේක්ෂා කෙරේ. ‘තායිවාන ගැටලුව’ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බව ද එහිදී ප්‍රකාශ විය. Xizang ප්‍රදේශයේ Gyirong හි සිදුවූ නායයෑමේ ව්‍යසනයට චීනය දැක්වූ කාර්යක්ෂම සහ කඩිනම් ප්‍රතිචාරය අගය කළ යුතු බවත් එහිදී බලපෑමට ලක්ව සිටි බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ලබා දුන් සහාය වෙනුවෙන් චීනයට සිය කෘතඥතාව පළ කරන බවත් ඔහු පැවසීය.
Share
Read more



