අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරයි

Share

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට අද (29) යළි විවෘත වරෙන්තු නිකුත් කරයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට මීට පෙර ද වරෙන්තු නිකුත් කර තිබුණත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව රහස් පොලිසිය පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

Read more

Local News