ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු අවසන් පුර්ව තරඟයට

Share

ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා 45-48kg බොක්සිං  තරඟ ඉසව්වේ අවසන් පුර්ව තරඟය සඳහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත් වී තිබේ.
අවසන් පුර්ව තරඟය පරාජය වුවද අනුෂා හට මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවන අතර අවසන් පුර්ව තරඟයේදී අනුෂා තරඟවැදීමට නියමිත වන්නේ පස් වතාවක් ලෝක කාන්තා බොක්සිං ශුරතාවයට හිමිකම් කියන්නට සමත් වූ ඉන්දීය සුපිරි බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමගයි.
අනුෂා කොඩිතුවක්කු සහ මේරි කොම් අතර මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා 45-48kg බොක්සිං අවසන් පුර්ව තරඟය හෙට (11) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 07.32ට පැවැත්වීමට නියමිතය.

Read more

Local News