දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි

Share

ඉදිරි දින කිහිපයේ සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

විශේෂයෙන්, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වල සමහර ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (11) දහවල් 12:11ට නොච්චියාගම, ගලෙන්බිඳුනුවැව සහ සෝමපුර යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Read more

Local News