කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු 20 දා ආරම්භ වෙයි

Share

කැලණිය විශ්වවිද්‍යාලය නිවේදනය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ 2016/2017 අධ්‍යයන වර්ෂය සඳහා විද්‍යා, සමාජීය විද්‍යා, මානව ශාස්ත්‍ර, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක සහ තාක්ෂණ පීඨවල ප්‍රථම වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු අප්‍රේල් 20 දින ආරම්භ කරන බවයි.

ඒ අනුව ප්‍රථම වසර සිසුන් 19 දින අදාළ නේවාසිකාගාර සඳහා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා වාර්තා කරන ලෙස දැනුම් දෙයි.

ජ්‍යේෂ්ඨ සිසුන්ගේ අධ්‍යයන කටයුතු අප්‍රේල් 24 දින ආරම්භ කෙරේ.

නේවාසිකාගාර පහසුකම් ලබා ඇති සිසුන් පමණක් 23 දින පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා අදාළ නේවාසිකාගාරයට වාර්තා කළ යුතු බව කැලණිය විශ්වවිද්‍යාලය දන්වා සිටියි.

Read more

Local News