එජාපයේ තනතුරු අද වෙනස් කෙරේ

Share

එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත්කෙරුණු දේශපාලන මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව ඇත.

මෙම කමිටුව අද රැස්වෙන්නේ දෙවැනි වතාවටය.

ඒ අනුව පක්ෂයේ තනතුරු අද වෙනස් කෙරෙන අතර, එම තීරණය ලබන මැයි මස 06 දා මැයි රැලියේදී දැනුම්දීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු වෙනස් කෙරෙන පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා මෙම කමිටුව පත් කෙරිණි.

Read more

Local News