මත්පෙති හා කේරල ගංජා තොගයක් කෙරවලපිටියේ නිවසකින් – තරුණයකු අත්අඩංගුවට

Share

පාසල් දරුවන්ට විකිණීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මත්පෙති හා කේරල ගංජා තොගයක් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ නිවසකින් ඊයේ (25) සොයා ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි.

මෙම ජාවාරමට සම්බන්ධ 28 හැවරිදි තරුණයකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෙම එක් මත් පෙත්තක් රුපියල් 8000කට අලෙවි කර තිබූ බවද හෙළිවී ඇත.

මොහු අද (26) කොළඹ මහධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News