පොලිස් වෙසක් බැති ගී වැඩසටහන

Share

“තෙරුවන් ගුණ සුවඳ අමා – දහමින් ලොව සැනසේවා!” යන තේමාව යටතේ ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිහිගන්වමින් පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් බැගි ගී වැඩසටහන අප්‍රේල් මස 26 වන දින පස්වරුවේ පවත්වන ලදි.

ඒ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදි නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනි.

වෙසක් බැති ගී සරණිය සදහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා වන ප්‍රසිද්ධ ගීත රැසක් පොලිස් තූර්ය වාදන අංශය විසින් ගායනා කළ අතර ඒ සදහා සංගීතය පොලිස් පෙරදිග වාද්‍ය වෘන්දය විසින් සපයන ලදි.

අති පූජනීය මහා සංඝරත්නය, විශ්‍රාමික පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළුව සියලුම නිලයන් නියෝජනය කරමින් පොලිස් නිලධාරීන්, සහ ආරාධිතයින් ඇතුළු සැදැහැවතුන් මෙම අවස්ථාව සදහා සහභාගි වී සිටියහ.

Read more

Local News