වෙසක් සතිය තුළ කළුතර පොලිස් කොට්ඨාසයේ රථවාහන නඩු 1168ක් වාර්තා වෙයි

Share

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී කාර්යාලය පැවසුවේ පසුගිය වෙසක් සතිය තුළ කළුතර පොලිස් කොට්ඨාසයේ බීමත්ව රිය පැදවීම්, ආරක්‍ෂිත හිස්වැසුම් නොපැලඳීම්, අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම් ඇතුළු රථවාහන නඩු 1168ක් වාර්තාවී ඇති බවයි.

පසුගිය අප්‍රේල් 26දා සිට ඊයේ (02දා) දක්වා කාලය තුළ කළුතර පොලිස් අධිකාරී කොට්ඨාසයේ බීමත්ව රිය පැදවීම් නඩු 16ක් ,අපරීක්ෂාකාරීව අනතුරුදායක ලෙස රිය පැදවීම් නඩු 18ක්, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නඩු 466ක්, ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවල ගමන් කිරීම් 104ක්, අධික වේගයෙන් රිය පැදවීම් 25ක්, වෙනත් මාර්ග නීති උල්ලංඝනය කිරීම් නඩු 539ක් වාර්තාවී තිබේ.

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් සිදුකළ මෙහෙයුම්වලින් මෙම රථවාහන නඩු පවරා ඇති අතර, මනා රථවාහන පාලනය නිසා මෙම කාල සීමාවේදී මාරක රිය අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බවත්, රියදුරන්ගේ විනීතභාවය සහ පදිකයන්ගේ සැලකිලිමත් භාවය රථ වාහන අනතුරු ප්‍රමාණය අවම කර ගැනීමට බෙහෙවින් උපකාරී වී අැත.

Read more

Local News