ඉන්දියාවේ දූවිලි කුණාටුවෙන් මිය ගිය ගණන 125 දක්වා ඉහළට

ඉන්දියාවට බලපෑ දූවිලි කුණාටු තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 125 ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම තුවාල ලැබූ සංඛ්‍යාව 200ක් පමණ වේ.
 ඉන්දීය වාර්තා පවසන්නේ රාජස්ථාන් සහ පන්ජාබ් ප්‍රාන්තයට මෙහිදී දැඩි බලපෑම් එල්ලවී ඇති බවය. එම ප්‍රාන්තවල පුද්ගල මරණ 111ක් වාර්තා වී ඇත.
කුණාටුව සමග විදුලි පද්ධති බිද වැටී විදුලිය කාන්දු වීම, ගස් නිවාස වෙත කඩා වැටීම හා නිවාස විනාශවීම හේතුවෙන් බහුතර මරණ හා තුවාල සිදුවීම් වාර්තාවී තිබේ.