නිධන් හාරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට

Share

බකමූණ පොලිසිය පැවසුවේ ඇලහැර, කෝට්ටපිටිය, යාය 14 ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයෝ 05 දෙනෙක් ඊයේ (03) රාත්‍රී 10.30 ට පමණ සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ බිලි පූජාව සඳහා රැගෙන ආ බව කියන කුකුළෙක්, මල්, බුලත් සහිත පූජා වට්ටියේ තබාගෙන කට්ටඩියා මන්ත්‍ර ජප කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අඩි 20 ක් පමණ ගැඹුරැති විශාල වළක් හාරා ඒ තුළින් විශාල ගල් පුවරු ආදිය ගොඩ දමා තිබූ බවත් එම කැණීම සඳහා උපයෝගී කර ගත් බව කියන උදලු, අලවංගු, යාන්ත්‍රික ගල් විදිනයක්, වතුර මෝටරයක්, ජල නල ආදිය ද පූජා භාණ්ඩ, සුවඳ දුම්, තෙල්, මල්, පහන් ද පොලිසිය අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.

Read more

Local News